චීන ජනපති සහ ඔලිම්පික් කමිටු සභාපති අතර හමුවක්

ජන 27, 2022

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා හමුවෙයි. හමුව, 25 වැනිදා  බෙයිජිං හිදී පැවැත්විණ.

    වසර 6 කට වැඩි කාලයක සූදානමකින් පසු, චීනය සිය ප්‍රතිඥාව ඉටුකරමින් සරල, ආරක්ෂිත සහ විශිෂ්ටත්වයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ලොවට ඉදිරිපත් කරනු ඇතැයි, ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේ ය.

    නව කොරොනා වසංගතය පවතිද්දීත්, නියමිත කාලයටම, ගෝලීය වශයෙන් පවත්වනු ලබන ප්‍රථම දැවැන්තම  ක්‍රීඩා උළෙල මෙයයි.

    මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා රටවල් හා කලාප 90කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට ආසන්න පිරිසක් සහභාගි වනු ඇත. මෙය වැඩිම ඉසව් සහ රන් පදක්කම් සහිත ශීත ඍතු ඔලිම්පික් උළෙල වීම ද විශේෂත්වයකි. ඊට සහභාගි වන පිරිස සහ චීන ජනතාවගේ  සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීමේ තම ශක්‍යතාව කෙරෙහි චීනය පූර්ණ විශ්වාසය තබා ඇති බව, ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

    බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා පවතින මනා සූදානම ඉහළින් අගය කරන අතර, චීනයේ කාර්යක්ෂමතාව සහ අධිෂ්ඨානයට තමා ප්‍රශංසා කරන බව, Thomas Bach මහතා එහිදී කියාසිටියේය.

     

    අරෝෂා සමරදිවාකර (රූපවාහිනී වාර්තාකරු)

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News