වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේද අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව නව ලක්ෂ 83,000 ඉක්මවා ගොස් තිබේ. බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව වැනි රටවලද වැඩි මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බවයි,වාර්තා වන්නේ.
ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 44 කෝටි හැටතුන් ලක්ෂ 35,000 ඉක්මවා තිබේ. එම ආසාදිතයන් සංඛ්‍යාවට දෛනිකව පහළොස් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් එකතු වන බව ද ජෝන් හොෆ්ස්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ගෝලීයව 37 කෝටි 94 ලක්ෂ 14,000කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා සිටින බව ද එම විශ්වවිද්‍යාලයේ වාර්තාවල දැක්වෙන්නේ.