කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 66ක් මරුට...

අප්‍රේ 30, 2022

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මුස්ලිම් දේවස්ථානයක ඊයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 66දෙනෙකු මියගොස් තිබෙනවා.

    100කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉකුත් දිනවල ඇෆ්ගනිස්ථානයේ විවිධ ස්ථානවල බෝම්බ පිපිරීම් සිදුවුණා. ඉන් බොහොමයක් එල්ල වී ඇත්තේ සුන්නි මුස්ලිම් දේවස්ථාන ඉලක්ක කරගෙනයි. එම ප්‍රහාරවල වගකීම අයි එස් සංවිධානය විසින් බාරගෙන තිබෙනවා. තලෙයිබාන් පාලනය ප්‍රකාශ කරන්නේ, මෙම ප්‍රහාර අයි එස් සංවිධානයේ බවට තමන්ද විශ්වාස කරන බවයි.

    Latest News