රෝහල් ගත කෙරුණු පුද්ගලයින් අතරින් 17 දෙනෙකු බරපතල තත්වයේ පසු වන බව ඉරාන බලධාරීන් පවසයි. මෙම මත්පැන් නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඉරානය තුළ මත්පැන් නිෂ්පාදනය, විකිණීම හා පරිභෝනය දැඩි ලෙස තහනම් කර ඇති අතර සුලු පිරිසක් සදහා පමණක් අවසර දී තිබේ.
මෑත වසරවල දී ඉරාන ජාතිකයන් සිය ගණනක් මියගොස් ඇත්තේ මෙතනෝල් අඩංගු බීම පානයෙන් බවයි වාර්තා වන්නේ.