මරියුපෝල් ජනතාව ඉවත් කර ගැනීම තුන්වැනි අදියරේ

මැයි 07, 2022

    යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ ජනතාව ඉවත් කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිවිල් වැසියන් ඉවත් කර ගැනීම මේ වන විට තෙවැනි අදියරේ පවතින බවයි.

    සාමාන්‍ය වැසියන් 500 දෙනෙකු පමණ ඉවත් කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසයි.

    එහි වැසියන්ට ආරක්‍ෂාකාරීව ගමන් කිරීමට ඉඩ සැලසීමට රුසියානු ජනාධිපතිවරයා එකඟවී තිබේ.

    වානේ කම්හල් පරිශ්‍රයේ සිටි සිවිල් ජනතාව ඉවත්ව ගියද සිය හමුදා භටයින් 2,000ක් පමණ තවදුරටත් එහි රැදී සිටින බව යුක්‍රේන බලධාරීන් සදහන් කරයි.

    Last modified on සෙනසුරාදා, 07 මැයි 2022 11:01

    Latest News