ඉන් තිදෙනෙකු මියගිය අතර 22ක් තුවාල ලැබූ බව වාර්තාවේ. ප්‍රහාරය සිදුවන අවස්ථාව රූපවාහිනී කැමරාවල සටහන් වී තිබිණ. කාබුල් අගනුවර අද (07) දහවල් පැවති රැළියට ඇෆ්ගන් රජයේ ප්‍රධාන විධායක අබ්දුල්ලා-අබ්දුල්ලා සහ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඇතුළු දේශපාලනික ප්‍රධානීන් රැසක් සහභාගි වූහ.
පළමු ප්‍රහාරය එල්ල වූයේ රැළියෙන් බාහිර තැනකටයි. ඒ අවස්ථාවේ සංවිධායකයන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව සිටින ලෙසයි. එහෙත්, දෙවැනි මෝටාර් උණ්ඩය රැස්ව සිටි ජනතාව අතරට පතිත විය. තුවාල ලැබූවන් අතර ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ද විය. විදේශ අමාත්‍ය සවාහුද්දීන් රබානි ද රැළියට එක්විය. ඔහුගේ ආරක්ෂක භටයන් 8 දෙනෙකු තුවාල ලැබූ බව, වාර්තාවේ.
සැකකරු අත්අඩංගුවට ගත් බව, ඇෆ්ගන් පොලිසිය ප්‍රකාශ කරයි. එහෙත් කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.