මෙය ධනවත් බටහිර රටවලටද තර්ජනයක් හා ගැටලුවක් වී තිබේ. තරබාරු බව හෙවත් ස්ථූලභාවය අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.
අධික ලෙස ආහාර පාන ගැනීම, ව්‍යායාම අඩුකම සහ වෙහෙසවී වැඩ නොකිරීම ස්ථූලභාවයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
ජනතාව රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර අනුභවය ද මීට තවත් හේතුවක්. 2016 වසරේ සිදු කෙරුණු සමීක්ෂණයකට අනූව ඉන්දීය ජනතාවගෙන් මිලියන 135 දෙනෙකු අධික බර සහිත පුද්ගලයන් ලෙස හඳුනා ගැනිණ. එය මේ වන විට තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි, එරට සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ.