වර්ජිනියාහි දිස්ත්‍රික් අධිකරණයක් එම තීන්දුව ලබාදී ඇත්තේ ඔහු කළ බවට කියැවෙන බදු හා මූල්‍ය වංචා සැලකිල්ලට ගනිමින්. 2016 මාර්තු මාසයේ සිට අගෝස්තු දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පෝල් මැනාෆෝට්, මැතිවරණයේ රුසියානු මැදිහත්වීම පිළිබඳ විශේෂ විමර්ශන කමිටුව ඉදිරියට කැඳවා තිබේ.
එහි සාමාජික රොබට් මෟලර්ස් කියා සිටියේ පෝල් තම ආදායම් පිළිබඳ නිසි තොරතුරු ඉදිරිපත් කිරීමට අසමත් වූ බවයි. රුසියාවට හිතවාදී ලෙස පැවති යුක්රේනියානු රජයේ උපදේශකයෙකුව සිටියදී ඔහු ඉපැයූ මුදල් පිළිබඳ වාර්තා නොමැති බව ද හෙළි වී තිබේ. ඒ අනුව අධිකරණය ඔහුට අමෙරිකානු ඩොලර් 50000ක දඩයක් සහ සිර දඬුවම නියම කළේය.
කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එම චෝදනා දේශපාලනිකව ගෙතූ ඒවා බවයි. සිර දඬුවම මීට වඩා වැඩිවිය යුතු බවටද ඩෙමොක්‍රොටික් පාක්‍ෂිකයින් පවසයි.