ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි...

ජූලි 21, 2022

    ඉතාලියේ අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී අද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

    මීට වසර එක හමාරකට පෙර ඔහු ‍එම ධුරයට පත්වූයේ සන්ධාන රජයක් ‍ඔස්සේයි. ඉතාලියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මේ වන විට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එය පරාජය කිරීම සඳහා ඔහුගේ සන්ධාන රජයේ පක්ෂ තුනක් ඔහුට සහය පළකළ නොහැකි බවට, දන්වා ඇති බවද වාර්තා වනවා. සන්ධාන රජය තුළ මේ වනවිට පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් සිය ඉල්ලා අස්වන බව, ඩ්‍රාගී එරට ජනපති සර්ජියෝ මැටරෙල්ලා හට දැනුම් දී ඇති බවයි, වාර්තා වන්නේ. එරට කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. ඒ වනතුරු එරට භාරකාර රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තවදුරටත් කටයුතු කරන ලෙස මාරියෝ ඩ්‍රාගීගෙන් එරට ජනාධිපතිවරයා ඉල්ලීමක් ද කර තිබෙනවා. 74 හැවිරිදි මාරියෝ ඩ්‍රාගී ඉතාලියේ ජනප්‍රිය චරිතයක් ලෙසයි, සැලකෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 ජූලි 2022 18:26

    Latest News