මිසයිල ප්‍රහාරක් සම්බන්ධයෙන් තායිවානයෙන්, චීනයට චෝදනා

අගෝ 05, 2022

    චීනය, තායිවානය අවට මුහුදු ප්‍රදේශයට මිසයිල ප්‍රහාර 11ක් එල්ල කර ඇති බවට තායිවානය චෝදනා කරනවා. චීනය පවසන්නේ, මෙය තම හමුදා අභ්‍යාස අතරතුර සිදු කළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් බවයි.

    අමෙරිකානු කථානායක නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරයට විරෝධය පළ කරමින් චීනය, තායිවානයට ආසන්න මුහුදේ දින 6 ක යුද අභ්‍යාසයක් ආරම්භ කළා. තායිවානය සහ අමෙරිකාව අතර පවතින දැඩි මිත්‍රත්වය තම රටේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසයි චීනය සලකන්නේ. 

    තායිවානය, එක රටක්, පාලන ක්‍රම දෙකක් යන ක්‍රමය යටතේ චීනයේම කොටසක් ලෙස හැඳින්වීමට චීනය ආරාධනා කර තිබේ. 

    එහෙත්, තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම, චීනයේ නොසන්සුන්තාවට හේතුවී තිබේ. එවන් අවස්ථාවක අමෙරිකානු කතානායිකාව, තායිවානයේ නිල චාරිකාවක නිරත වීමට චීනය දැක්වූ ප්‍රතිචාරයක් ලෙසයි මෙම යුද අභ්‍යාසය හැඳින් වෙන්නේ.

    එහිදී තායිවානයට කිලෝමීටර 12ක් දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයට අධි බලැති බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කෙරිණ. මෙය, තායිවානයේ ජනතාව බිය ගැන්වීමේ ක්‍රමෝපායක් ලෙසද සැලකෙනවා. 

    Last modified on සිකුරාදා, 05 අගෝස්තු 2022 11:50

    Latest News