එය පැවැත්වෙන්නේ, උස්බෙකිස්ථානයේ දී. උස්බෙකිස්ථානය යනු මධ්‍යම ආසියාවට අයත් රාජ්‍යයක්. චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ෂැංහයි ආර්ථික සහයෝගීතා සමුළුව මෙවර පැවැත්වෙන්නේ, උස්බෙකිස්ථානයේ සමර්කාන්ද් නගරයේ. මෙම නගරය අතීතයේ සේද මාවතට අයත් නගරයක් වුණා. රුසියාව - යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, රුසියානු ජනාධිපති පුටින් සහ චීන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙයයි. ෂැංහයි සමුළුවට කසක්ස්ථානය, කිරිගිස්ථානය, ටජිකිස්ථානය සහ පකිස්තානය ද සහභාගී වනවා. 2019 කොවිඩ් වසංගත ආරම්භයෙන් පසු චීන ජනාධිපති ෂී ජින් පිං විදේශ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව ද මෙයයි.