ගතවූ පැය 24තුළ ඉන්දියාවෙන් කොවිඩ් නව ආසාදිතයින් 4,369ක්...

සැප් 14, 2022

    ඉන්දියාවෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොවිඩ් නව ආසාදිතයින් 4,369 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

    එම කාල සීමාවේ සිදුව ඇති කොවිඩ්  මරණ සංඛ්‍යාව 20 ක්.  රට තුළ කොවිඩ් ආසාදිතයින්ගේ යම් ඉහළයාමක් දක්නට ලැබෙන බව, ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව, රජය මහජන ඒකරාශීවීම් සීමා කිරීමට ක්‍රියා කර ඇති අතර, එන්නත්කරණ ක්‍රියාවලිය ද වේගවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඉන්දියාවෙන් මේ දක්වා  කොවිඩ් ආසාදිතයින් හාර කෝටි ‍45 ලක්ෂයකට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. සිදුව ඇති කොවිඩ් 19 සමස්ත මරණ සංඛ්‍යාව   පන් ලක්ෂ 28,000 කට අධිකයි.

    Latest News