එම ස්ථානයට ගිය මෝදි මුදාගැනීමේ සහන මෙහෙයුම් පිළිබඳව සොයා බැලුවා. පාලම කඩා වැටුණු ස්ථානය නිරීක්ෂණයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුවාල ලැබූවන්ගේ තත්වය සොයා බැලීම සඳහා මෝබි නගරයේ මහජන රෝහලේ ද චාරිකාවක නිරත වුණා.
ඉන්දියාවේ බටහිර ගුජරාට් පදිකයින් සඳහා වෙන්කර තිබූ එල්ලෙන පාලම කඩාවැටීමෙන් 141 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සිව් දෙනෙකු පාලමේ කළමනාකරණ කටයුතු මෙහෙයවූ සමාගමේ සේවකයින් බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.