ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයිති ෆොරිඩාවේ "මාර්ඒ ලාර්ගෝ" වතු යායේ දේශනයක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා.
සිය ආධාරකරුවන්ට ඔහු පැවසුවේ, අමෙරිකාවේ නැවත පැමිණීම දැන් ආරම්භ වන බවයි. අමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ සහ කීර්තිමත් රාජ්‍යයක් බවට පත්කිරීමට 2024 අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි, ඔහු කියා සිටියේ.
රට විනාශ කිරීමට වෙර දන වාමාංශික රැඩිකල් ප්රජාතන්ත්රවාදීන් පරාජය කරන බවට, රැස්ව සිටි ආධාරකරුවන් හමුවේ ඔහු ප්‍රතිඥා දුන්නා.