අභ්‍යාවකාශ පරීක්‍ෂණ සඳහා යූරෝ බිලියන 18.5ක්

නොවැ 23, 2022

    අනාගත අභ්‍යාවකාශ පරීක්‍ෂණ සඳහා යූරෝ බිලියන 18.5 ක අරමුදලක් රැස් කිරීමට සැලසුම් කොට තිබෙනවා.

    ඒ අනුව, යුරෝපීය පරීක්‍ෂණ පිළිබඳ අමාත්‍යවරුන් පිරිසක් පැරිස් නගරයේදී රැස්වීමට නියමිතයි.

    සඳ හා අඟහරු අභ්‍යවකාශ මෙහෙයුම්, කාලගුණ නිරීක්‍ෂණ සහ ගෝලීය සන්නිවේදන චන්ද්‍රිකා දියුණු කිරීමට මෙම අරමුදල් රැස් කිරීම යුරෝපීය පරීක්‍ෂණ පිළිබඳ අමාත්‍ය‍වරුන්ගේ න්‍යාය පත්‍රයට අඩංගුව ඇතැයි වාර්තා වනවා.

    යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සඳහා යෝජිත අයවැය සියයට 25 කට ආසන්න වැඩිවීමක් ඉල්ලා තිබෙනවා.

    කෙසේ වෙතත් යුරෝපයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ‍අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සහ පරීක්‍ෂණ සඳහා මෙවැනි විශාල මුදලක් යොදා ගැනීම ප්‍රායෝගික නොවන බවයි, යුරෝපීය දේශපාලන බලධාරීන් මත පල කරන්නේ.

    අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මුදල් රැස් කිරීම පවා අභියෝගයක් වී ඇති බවයි, ඔවුන් අවධාරණය කරන්නේ

    Latest News