5ක් මරුතුරුලට යැවූ ටැන්සානියානු නව වෛරසය

මාර් 22, 2023

    Marburg වෛරසය හේතුවෙන් පළමු වරට පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව ටැන්සානියානු සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.


    මේ වන විට Marburg වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 8 දෙනෙකු වාර්තා වී ඇති අතර, Ebola වෛරසයේ රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ ඇත.

    මියගිය අය අතර සෞඛ්‍ය සේවකයෙකු වන අතර ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු ප්‍රතිකාර ලබන අතර තවත් ආශ්‍රිතයන් 161 දෙනෙකු සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිටින බව වාර්තා වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වෛරසය ආසාදනය වී දින 7ක් ඇතුළත අධික උණ, තද හිසරදය සහ තෙහෙට්ටුව මරණය දක්වා වර්ධනය විය හැකි අතර මීට මාසයකට පමණ පෙර ගිනියාවෙන් මෙම තත්ත්වය වාර්තා විය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපය සඳහා වන අධ්‍යක්ෂවරයා පවසන්නේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ටැන්සානියානු රජය සමඟ කඩිනමින් කටයුතු කරන බවයි.

    Latest News