වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් සැකකරු අසල්වැසි නිවසකට ගොස් වෙඩි තැබීම සිදුකරඇති බව ටෙක්සාස් පොලිසිය පවසනවා. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම නිවසේ පුද්ගලයින් 10 දෙනෙකු සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙක්සිකානු ජාතිකයෙකු වන එම සැකකරු "ෆ්රැ.න්සිස්කෝ ඔරොපෙස්" නම් 38 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීමට අර්ධ ස්වංක්රීය රයිෆලයක් යොදාගෙන තිබෙනවා. සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්රියාත්මකයි.