මැක්‍රොන්ගේ දැඩි තීරණයක්

සැප් 25, 2023

    නයිජර් රාජ්‍යයේ සිටින සිය තානාපතිවරයා සහ හමුදා සාමාජිකයින් ඉවත් කරගැනීමට තීරණය කර ඇතැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

    මාධ්‍ය හමුවකට එක්වෙමින් මැක්‍රෝන් කියා සිටියේ, නයිජර් රාජ්‍යයේ හමුදා පාලකයින් එරට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මැඩපැවැත්වීමේ කාර්යයේදී සහයෝගයෙන් කටයුතු නොකිරීම නිසා මෙම තීරණය ගත් බවයි.

    බලයෙන් පහ කෙරුණු හිටපු නයිජර් ජනාධිපති සමග ඇති කරගත් මිලිටරි සහයෝගීතාව අවසන් වී ඇති බවද ඔහු සදහන් කළා.

    ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තානාපති කාර්යාලයේ රැදී සිටින සිය ප්‍රංශ තානාපතිවරයාගේ ආරක්ෂාව සලකා ඔහු සහ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් රැසක් ඉදිරි පැය කිහිප තුළදී තම රටට ගෙන්වීමට කටයුතු කරන බවද ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියා.

    ඉකුත් ජුලි මස සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයට පැමිණි වත්මන් පාලකයින් ප්‍රංශ තානාපතිවරයාට සහ ප්‍රංශ හමුදාවට එරටින් පිටත් වන ලෙසට දැනුම් දුන්නා.

    ප්‍රංශ ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ අතර දෙරට අතර රාජතාන්ත්‍රික ගැටළුවක් ද මතු වී තිබෙනවා.

    Latest News