ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමණින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ, ඊශ්‍රාලයේ ඉතිරි ප්‍රාණ ඇපකරුවන් මුදාලීමට හමාස් සංවිධානය වෙත පීඩනයක් එල්ල කිරීමේ අරමුණින්.
ඊශ්‍රායලයේ බලශක්ති අමාත්‍ය එලී කොහෙන් ගාසා තීරයට විදුලිය සැපයීම වහාම නතර කරන ලෙස නියෝග කර තිබෙනවා.
රාමසාන් සමයේදී ගාසා වෙත සියලු අත්‍යවශ්‍ය ආධාර අත්හිටුවීමටයි, ක්‍රියා කෙරුණේ.
එය ක්‍රියාත්මක කොට සතියක් ගත වීමට මත්තෙන් විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව සඳහන්.
ඊශ්‍රායලය, ගාසා තීරයේ විදුලිය විසන්ධි කිරීමට ගත් තීරණය හමාස් සංවිධානය හෙළා දැක තිබෙනවා.
එය, පිළිගත නොහැකි තර්ජනයක් ලෙසයි, ඔවුන් චෝදනා කරන්නේ.
ඊශ්‍රායලය, මිලියන 2කට අධික ජනතාවකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම් සියල්ල කපා හැර සතියක කාලයකට පසු විදුලි සැපයුම් අත්හිටුවීම ඊයේ නිවේදනය කළා.