අමෙරිකාව, ඉරාන රජයේ හමුදාව ත්‍රස්ත්‍ර ලේඛනයට එක් කරයි

අප්‍රේ 09, 2019

    ඉරාන රජයේ හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

    වෙනත් රටක රජයේ හමුදාවක් අමෙරිකාව විසින් ත්‍රස්තවාදී ලේඛනයට ඇතුළත් කළේ ප්‍රථම වතාවටයි. ඉරාන හමුදාව ත්‍රස්තවාදී ලේඛණයට ඇතුළත් කිරීමෙන් ඉරානයට තවත් සම්බාධක පැනවීමේ හැකියාවක් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එමගින් ව්‍යාපාරික අංශය ඉලක්ක කර, තවත් සම්බාධක පැනවීමටත් ඉඩකඩ තිබේ. ඉරාන හමුදාව එරට ආර්ථිකයට මනා සිටුවහලක් ලබාදෙන අතර, නව සම්බාධක පැනවීම මගින් ඊයේ බලපෑම් එල්ල වෙයි. අමෙරිකාවේ තීරණයකට එකඟ එක කිරීමක් වශයෙන් ඉරානය ද මැද පෙරදිග සිටින අමෙරිකානු හමුදා ත්‍රස්තවාදීන් ලෙස නම් කර තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 08:05

    Latest News