ස්පාඤ්ඤ ඡන්දයේ ජය පාලක සමාජවාදී පක්ෂයට

අප්‍රේ 29, 2019

    ස්පාඤ්ඤ මහ මැතිවරණයෙන් පාලක සමාජවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

    නමුත්, ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ස්පාඤ්ඤයේ මහ මැතිවරණයෙන් අගමැති පෙඩිරෝ සැන්චෙස්ගේ පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය 29%ක්. ස්ථාවර රජයක් පිහිටුවීම සඳහා ඔවුන්ට තවත් පක්ෂයක සහය ලබාගැනීමට සිදුවෙයි. ස්පාඤ්ඤයේ පසුගිය වසර 4ක් තුළ පැවති තුන්වැනි මහමැතිවරණය මෙයයි.

    අසමානතාව හා දූෂණය පිටුදැකීම තම පක්ෂ්‍ය මුහුණ දෙන ප්‍රධානම අභියෝගය අතර වන බවයි මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා සදහන් කර සිටියේ.

     

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 07:30

    Latest News