මුම්බායි ගංවතුරින් 20කට වැඩි පිරිසක් මියයයි

ජූලි 02, 2019

    ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ අනතුරුවලින් 20කට අධික පිරිසක් මියගොස් තිබේ.

    වාණිජ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නගරයේ ප්‍රවාහන, ගුවන් ඇතුළු අංශ ගණනාවකට වැසි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තාවේ. ඉකුත් පැය 48ක කාලසීමාවේ මුම්බායි නගරයට මිලිමීටර 500කට අධික වර්ෂාපතනයක් ලැබී තිබේ.

    කුරාර් සහ කල්‍යාන් ප්‍රදේශවල තාප්ප දෙකක් කඩා වැටීමෙන් 21 දෙනෙකු මියගියේය. පාසල් හා රජයේ කාර්යාල වසා දමා ඇති අතර, අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණ. අධික වැසි සහිත කාලගුණයෙන් මුම්බායි අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කටයුතුවලට ද දැඩි බාධා එල්ලවී තිබේ.

    Latest News