සිරියානු ප්‍රශ්නය පිළිබඳ තුර්කි, රුසියා සහ ඉරාන නායකයින් අතර සාකච්ඡාවක්

ජූලි 05, 2019

    තුර්කිය, රුසියා සහ ඉරාන නායකයින් අගෝස්තු මාසයේදී තුර්කියේ අන්කාරා අගනුවරදී සිරියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් ත්‍රෛයිපාර්ශ්වීය නව සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානම් වේ.

    තුර්කි ජනාධිපති මන්දිර ප්‍රකාශක Ibrahim Kalin මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    සිරියාවේ දේශපාලනික ක්‍රියාවලිය සහ සරණාගතයින් ආපසු යැවීම යනාදී කරුණු පිළිබඳව රටවල් තුනෙහි ජනාධිපතිවරුන් එහිදී පූර්ණ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

    තුර්කියේ ඉස්තාන්බුල්හි දී සිරියානු ප්‍රශ්නය පිළිබඳ දෙවන සිව්පාර්ශ්වීය සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් ඔසාකා ජී - 20 නායක සමුළුවේදී අදාළ රටවල් එකඟතාවකට පැමිණ ඇත.

    එම සමුළුව අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුලදී පැවැත්වීමට නියමිත බවයි Ibrahim Kalin මහතා‍ පවසන්නේ.

    Latest News