හෘද්‍යාබාධයකින් නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප්‍රාප්ත වූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මියයන විට ඇගේ වයස අවුරුදු 67 ක්.
අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයේ නිරත වූ සුෂ්මා ස්වරාජ් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙසයි සැලකෙන්නේ. ඇගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද සිය ට්විටර් ගිණුම හරහා ශෝකය පළ කර තිබේ.