න්‍යෂ්ටික ගිවිසුමේ කරුණු තවදුරටත් අත්හිටුවන බව ඉරානය අනතුරු අඟවයි

සැප් 06, 2019

    ඉරානය න්‍යෂ්ටික ගිවිසුමේ කරුණු අත්හිටුවීම පිළිබඳ තුන් වැනි අදියරේ පියවර ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව ඉරාන ජනාධිපති Hassan Rouhani මහතා ප්‍රකාශ කරයි.

    එම නව පියවර තුළින් වැදගත් බලපෑමක් එල්ල වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

    මීට පෙර ඉරාන පරමාණු බලශක්ති සංවිධානයේ නිලධාරියෙකු පැවසූ පරිදි, සෙසු රටවල් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් නියම කර ඇති බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, ඉරානයට දින දෙකකින්ම සියයට 20ක සාන්ද්‍රතාව ඇති යුරේනියම් ද්‍රව්‍ය නිෂ්පාදනය යළි ආරම්භ කිරීමට හැකි වනු ඇත.

    ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ලෙස ඉවත් වී ඉරානයට සම්බාධක පැනවීමට ප්‍රතිචාර වශයෙන්, පසුගිය මැයි මාසයේ සිට ඉරානය අදියර දෙකකින් එම ගිවිසුමේ ඇතැම් කරුණු අත්හිටුවා තිබිණ.

    Latest News