නවදිල්ලි වායු දූෂණය WHO සංවිධාන සීමාවට වඩා විසිගුණයකින් ඉහළට

නොවැ 08, 2019

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සීමාවට වඩා විසි ගුණයකට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබේ.

    දැඩි වායු දූෂණය හමුවේ අසල්වැසි ප්‍රාන්තවල ගොවි බිම් ගිනි තැබීම් තවදුරටත් සිදු කරන බව වාර්තා වේ. ඉකුත් දින කිහිපය තුළ පැවැති අධික වායු දූෂණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

    කෙසේ වෙතත් මේවන විට නවදිල්ලි අගනුවර වායු දූෂණය හේතුවෙන් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    වසා දමා තිබුණු පාසල් රැසක් යළි ආරම්භ කිරීමට බලධාරීන් පියර ගනු ලැබීය.

    අසල්වැසි පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් වගාබීම් ගිනි තැබීම හේතුවෙන් නවදිල්ල අගනුවර වායු දූෂණයට ඍජු බලපෑම් එල්ල කර ඇත.

    Latest News