ජර්මනිය තුළ වයින්, සිගරට් සහ සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතමයන් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස සැලකූ අතර ඒ මත ඉහළ ඉදු පනවා තිබිණ. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතරින් ඒ බදු පනවන 11 වැනි රට ලෙස සළකා තිබේ. ඒ අනූව, ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට සියලුම සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා තිබූ බද්ද 19%කින් සහ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා 7%කින් බදු අඩු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.