චීන - යුරෝපා සාකච්ඡා සභාව බ්‍රසල්ස් හිදී

නොවැ 22, 2019

    9 වැනි චීන - යුරෝපා සාකච්ඡා සභාව පසුගියදා බ්‍රසල්ස් හිදී පැවැත්විණ.

    යුරෝපා සංගමයේ චීන දූත කණ්ඩායම, යුරෝපා සංගමයේ බුද්ධි මණ්ඩලය, චීන මහජන රාජ්‍ය තාන්ත්‍රික සංගමය සහ චීන ප්‍රතිසංස්කරණ හා සංවර්ධන පර්යේෂණ ආයතනය ඒකාබද්ධව මෙම සාකච්ඡා සභාව සංවිධානය කර ඇත.

    චීන හා යුරෝපා රටවල දේශපාලන හා වාණිජ නි‍‍යෝජිතයෝ චීන - යුරෝපා සම්බන්ධතා, ද්විපාර්ශ්වික සහයෝගීතාව, අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය හා ගෝලීය කළමනාකරණය ඇතුළු කරුණු පිළිබඳව පුළුල් ලෙස එහිදී සාකච්ඡා පැවැත්වූහ.

    2020 වසරේ දී චීන - යුරෝපා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 45 වැනි සංවත්සරය යෙදේ.

    Latest News