ටොන් දෙකක කොකේන් අත්අඩංගුවට

දෙසැ 13, 2019

    සබ්මැරීනයක් යොදාගනිමින් ප්‍රවාහන කරමින් පැවැති ටොන් දෙකක් බර කොකේන් තොගයක් සිය භාරයට ගැනීමට පේරු බලධාරීන් සමත්ව තිබේ.

    මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් ලෙසින් සැලකෙන පේරු රාජ්‍යයේ සිට සාගරය ඔස්සේ ප්‍රවාහනය කරමින් පැවැති මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට බලධාරීන් සමත්ව ඇත.

    අදාළ මෙහෙයුම සිදුකර තිබුණේ ඉක්වදෝරය හා පේරු රාජ්‍යය අතර දේශසීමාවට සමීප නගරයක් වන ටිලාරා නගරය අසල මුහුදේදීයි.

    මත්ද්‍රව්‍ය තොගය සමගින් ඒවා ප්‍රවාහනයේ නිරතව සිටි පුද්ගලයින් සිවුදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගැණින.

    එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ සෙවීමේ කාර්යාලයට අනුව පේරු රාජ්‍ය සැලකෙන්නේ ලොව ප්‍රමුඛ මත්ද්‍රව්‍ය නිෂ්පාදකයෙක් ලෙසයි.

    එමෙන්ම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය කොකා නම් ශාක වගාකිරීම හා අමෙරිකාව වෙත කොකේන් අපනයනය කිරීම සම්බන්ධයෙනුත් පේරු රාජ්‍ය ප්‍රකටයි.

    Latest News