අමෙරිකානු - චීන වෙළෙඳ ගිවිසුමට සූදානම්

දෙසැ 26, 2019

    අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගිවිසුමක් ඉදිරි දින කිහිපය තුළ දී අත්සන් කරනු ඇති බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ඒ සම්බන්ධව චීනය මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අමෙරිකානු හා චීන වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට අදාළව උත්සවයක් ද සංවිධාන කරන බව, මාධ්‍යයට අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

    පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු වෙළෙඳ නියෝජිත රොබට් ලයිට්සර් ප්‍රකාශ කළේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගිවිසුම ලබන වසරේ ජනවාරි පළමු සතිය තුළ අත්සන් කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ සම්බන්ධව චීනය කිසිඳු අදහසක් පළකර නැහැ.

    Latest News