මාර්ග තදබදය උපරිමව පැවති අන්තර් හුවමාරුවක එමෙන්ම ඉතා කාර්ය බහුල වේලාවක දී මෙම පිපිරීම සිදුව ඇත. ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව වැඩිදුරටත් වාර්තාවේ.
මේ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිම පාර්ශවයක් විසින් භාරගෙන නොමැති අතර අල්-ෂබාබ් නම් කණ්ඩායම මේ ආකාරයේ ප්‍රහාර නිතර එල්ල කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.