නව රජය සමග සාකච්ඡාවට IMF සූදානම්

සැප් 24, 2024

    විස්තීරණ මූල්‍ය පහසුකමේ ඊළඟ සමාලෝචනය පිළිබඳව ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය සමග සාකච්ඡා පවත්වන බව, අන්තර් ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.

    ඉදිරි වාරිකය ලබාදීමේ කාල රාමුව පිළිබඳව සාකච්ඡා යොමු වන බවයි, අයි එම් එෆ් සංවිධානය පවසන්නේ.

    ශ්‍රී ලංකාවේ විස්තීරණ මූල්‍ය පහසුකමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර් ජාතික මූල්‍ය අරමුදල අද උදේ වොෂින්ටනයේදී මාධ්‍ය නිවේදනයක් මගින් කරුණු දක්වා තිබෙනවා. එහි සඳහන් වන්නේ, ඉඩ ලැබුණු වහාම ශ්‍රී ලංකා නව රජය සමග සාකච්ඡා පැවැත්වීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල සූදානමින් පසු වන බවයි. ඩොලර් මිලියන 360 ක තුන් වැනි සමාලෝචනය පිළිබඳව සලකා බැලීම ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඉකුත් අගෝස්තු මාසයේදී තීරණය කොට තිබුණා.

    ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීම සඳහා ඉතා අසීරුවෙන් ළඟා කර ගත් ඉලක්ක, තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල සූදානම් බව නිවේදනයෙ සඳහන්. එමෙන්ම, ‍ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ශ්‍රී ලංකා රජය අතර ඩොලර් බිලියන 12.5 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉකුත් සතියේ ඇති කර ගත් ගිවිසුම පිළිබඳව සතුට පළ කරන බව ද අන්තර් ජාතික මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කරනවා. සිව්වසරක් පුරා ක්‍රියාත්මක මූල්‍ය පහසුකම යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට අයි එම් එෆ් සංවිධානයෙන් පිරිනැමෙන මුදල ඩොලර් බිලියන 2.9 කට අධිකයි.

    ශ්‍රී ලංකාවේ විස්තීරණ මූල්‍ය පහසුකමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර් ජාතික මූල්‍ය අරමුදල කරුණු පහදයි කඩිනමින් ශ්‍රී ලංකා නව රජය සමග සාකච්ඡා පැවැත්වීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල සූදානමින් ඩොලර් මිලියන 360 ක තුන් වැනි සමාලෝචනය පිළිබඳව සලකා බැලීම ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඉකුත් අගෝස්තු මාසයේදී තීරණය කොට තිබුණා

    ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීම සඳහා ඉතා අසීරුවෙන් ළඟා කර ගත් ඉලක්ක, තවදුරටත් ආරක්ෂා කර ගැනීම වැදගත් - අයි එම් එෆ් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල සූදානම් ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ශ්‍රී ලංකා රජය අතර ඩොලර් බිලියන 12.5 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉකුත් සතියේ ඇති කර ගත් ගිවිසුම පිළිබඳව ද අයි එම් එෆ් සතුට පළ කරයි සිව්වසරක් පුරා ක්‍රියාත්මක මූල්‍ය පහසුකම යටතේ, අයි එම් එෆ් සංවිධානයෙන් පිරිනැමෙන මුදල ඩොලර් බිලියන 2.9 කට අධිකයි

    Latest News