ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.

සැප්තැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, සහාය ලබාගැනීමට හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඩොලර් බිලියන 3ක ණය ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා පවත්වමින් සිටිනවා.

ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලබාදීමට අදාළව පැවැත්වෙන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන 24 වැනි දා අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

ශ්‍රී ලංකාව සමග සිදුකරන තාක්ෂණික සාකච්ඡා දිගටම පවත්වාගෙන යන බව ජාත්‍යන්තර මූලා අරමුදල පවසනවා.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමේ ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට අනෙකුත් පාර්ශව සමග එක්ව සහය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන IMF වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් බවයි.

ශ්‍රී ලංකාවට හදිසි ආධාර සැපයීමට සූදානම් බව, ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා, දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන නියෝජිතයෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි.

Latest News