IMF සමග සිදුකරන තාක්ෂණික සාකච්ඡා දිගටම

මැයි 11, 2022

    ශ්‍රී ලංකාව සමග සිදුකරන තාක්ෂණික සාකච්ඡා දිගටම පවත්වාගෙන යන බව ජාත්‍යන්තර මූලා අරමුදල පවසනවා.

    නව කැබිනට් මණ්ඩලයක් පත් වූ පසු ප්‍රතිපත්තිමය සාකච්ඡාවලට එළඹෙන බවයි එම ආයතනය පවසන්නේ.

    ශ්‍රී ලංකාවේ IMF නියෝජිත මසාහිරෝ නොසාකි මෙරට තත්වය හා සාකච්ඡා වැඩපිළිවෙල පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඔහු කියා සිටින්නේ මැයි 09 මස සිට 23 දක්වා පැවැත්වෙන සාකච්ඡා වටය කිසිදු බාධාවකින් තොරව සිදු කරන බවයි. නව රජයක් ස්ථාපිත වූ පසු ඊලඟ අදියරට එනම් ප්‍රතිපත්තිමය කරුණු සමාලෝචනයට එළැඹීම එම සංවිධානයේ අපේක්ෂාවයි. මෙරට තත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බව මාසහිරෝ නොසාකි පවසනවා. තම සංවිධානයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කැපවී සිටින බව මෙරට IMF නියෝජිතවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    Latest News