ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

දැනට සභාව තුල පවතින නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුව අද (15) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.

හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය මහතා අද අත්සන් කර තිබේ.

Latest News