මනාපේ අභ්‍යවකාශයේ සිට

සැප් 17, 2024

    2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය 2024 නොවැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    අමෙරිකානු ජනාධිපතිවරණයේදී ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිනවා.

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කරන ගගනගාමීන් 1997 සිට, ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් ඡන්ද පත්‍රිකා කක්ෂය වෙත ලබා දී තිබෙනවා. එහිදී ගගනගාමීන් ඒවා පුරවා සම්පුර්ණ වූ පසු ඡන්ද පත්‍රිකා විද්‍යුත් සම්ප්‍රේෂන ක්‍රමයෙන් නම් කරන ලද ප්‍රාන්ත ලිපිකරුවන් වෙත ලැබීමට සලස්වනවා.

    ඔවුන් 2024 ජූනි 05 වන දින අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගියේ බෝයිං සමාගම විසින් නිපදවූ ස්ටාර් ලයිනර් යානයෙන්.

    අතරමගදී හීලියම් කාන්දුවීම් සහ යානයේ ඇතිවූ ඇතිවූ දෝෂ නිසා කාර්යමණ්ඩලය රහිතව ස්ටාර් ලයිනර් යානයට නැවත පෘථිවියට පැමිණීමට සිදු වුනා.

    තෙමසකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අතරමංව සිටින ගගනගාමීන් 2025 පෙබරවාරි මාසයේදී SpaceX Crew Dragon අභ්‍යවකාශ යානය මගින් නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2024 11:53

    Latest News