Starliner නැවත පෘථිවියට

සැප් 08, 2024

    බෝයිං ස්ටාර් ලයිනර් යානය මාස තුනකට පමණ පසු පසු ඊයේ නැවත පෘථිවිය වෙත ළඟා වුනා.

    ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් 2024 ජූනි 05 වන දින අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගියේ ස්ටාර් ලයිනර් යානයෙන්.

    අතරමගදී හීලියම් කාන්දුවීම් සහ ඇතිවූ තවත් දෝෂ නිසා කාර්යමණ්ඩලය රහිතව යානයට නැවත පැමිණීමට සිදු වුනා.

    නිව් මෙක්සිකෝ හි වයිට් සෑන්ඩ්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යානය ගොඩ බැස්වූයේ පැරෂුට් ආධාරයෙන්.

    තෙමසකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අතරමංව සිටින ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් 2025 පෙබරවාරි මාසයේදී SpaceX Crew Dragon අභ්‍යවකාශ යානය මගින් නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2024 11:20

    Latest News