රටට කීර්තියක් ගේන්න පොල් කඩන දිලීප් කුමාර (විඩියෝ)

දෙසැ 23, 2018
  • විවිධ අපහසුතා මධ්‍යයේ රටට කීර්තියක් අත්කර දීමට වෙරදරණ ක්‍රීඩකයෙකු පිළිබඳව ගාල්ලෙන් අපට වාර්තා වෙනවා.

    මේ පුහුණුවීම්වල නිරත වන්නේ දිලිප් කුමාර නම් එම ක්‍රීඩකයායි. ඔහුගේ අරමුණ, ලබන වසරේ මාර්තු මාසයේ තායිලන්තයේ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ මීටර් පන් දහස සහ දස දහස යන තරග ඉසව් නියෝජනය කිරීම. ගාල්ල, පෝද්දල-නරාවල පදිංචි දිලිප් කුමාර එම තරගාවලියට සහභාගිවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිව අසරණ වී සිටින බව, අපට වාර්තා වනවා.

    Kumura px 900 18 12 23

    දෙදරු පියෙකු වන 38 හැවිරිදි දිලිප් කුමාර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට අවශ්‍ය මුදල් උපයා ගන්නේ පොල් කැඩීමේ වෘත්තියෙන්. ඔහු පවසන්නේ මෙම තරගාවලිය නියෝජනය කිරීමට රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක මුදලක් අවශ්‍ය බවයි.

    සහජ දක්‍ෂතාව සහ කැමැත්ත නිසා මෙම ක්‍රීඩාව සඳහා ඉදිරිපත් වූ බව ඔහු පවසනවා. දිලිප් කුමාර වැනි ක්‍රීඩකයෙකුට උපකාර කළ හැකි නම් රටට කීර්තියක් අත්කර දීමට ඔහුට හැකිවනු ඇති බවයි අපගේ විශ්වාසය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

     

    Last modified on සදුදා, 24 දෙසැම්බර් 2018 09:39

    Latest News