"බේබි 81" සුනාමි මතකයන් වසර 14කට පසු

දෙසැ 27, 2018

    වසර 14කට පෙර රටම කම්පනයට පත් කළ සුනාමියේ මතකයන් තවමත් මැකී ගොස් නැහැ.

    සිදුවූ ඛේදවාචකයෙන් දරුවන්ට දෙමාපියන් සහ දෙමාපියන්ට දරුවන් දහස් ගණනින් අහිමි වුණා. සුනාමි ඛේදවාචකයෙන් වැඩිම ජීවිත ගණනවක් අහිමි වූයේ, අම්පාර දිස්ත්‍රික්කයෙන්. මේ අතර, දහස් ගණනක දරුවන් අතරින් දිවි බේරාගත් මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු පිළිබඳව ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානයට ලක්වුණා. කල්මුණේ මුහුදට ආසන්නයේ පැදුරක් මත සිටිය දී දිවි බේරාගත් මේ දරුවා කල්මුණේ රෝහලට ඇතුළත් කෙරුණේ, රෝගී අංක 81 ලෙසටයි.

    ඒ නිසා මේ දරුවා කාඅතරත් ප්‍රචලිත වුණේ බේබි එයිට් වන් ලෙසයි. දරුවන් අහිමිවූ දෙමාපියන් 9 දෙනෙකු මේ දරුවාට හිමිකම් කියන්නට රෝහලට අහිමිවූ දෙමාපියන් 9 දෙනෙකු මේ දරුවාට හිමිකම් කියන්නට රෝහලට පැමිණීමත් සමග බේබි එයිට් වන් නම් වූ සුනාමියෙන් දිවි බේරාගත් මේ ළදරුවා පිළිබඳ ජාත්‍යන්තරයෙන් පවා අවධානය යොමුවුණා.

    image bb01e98b6e

    පසුව, ඩී එන් ඒ පරීක්ෂණයකින් අනතුරුව බේබි එයිට් වන්, ජෙයරාජා අබිලාෂ් බවටත් දෙමාපියන් ජෙනීටා ජෙයරාජා සහ මුරුගපිල්ලේ ජෙයරාජා බවටත්, තහවුරු වුණා. සුනාමියට වසර 14ක් ගතවන අද දිනට වන විට ඔහු වයස අවුරුදු 14ක දරුවෙක්. මේ දරුවා දැන් ජීවත් වන්නේ, මඩකලපුව කුරුකුල්මඩම් ගම්මානයේ. 10 වැනි වසරේ ඉගෙනුම ලබන අබිලාෂ්ගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙකු වීමයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 14:51

    Latest News