එම ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම ඊට ප්‍රධාන හේතුවයි. අද පෙරවරු 6.00 වන විට මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 56ක් හා කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 44ක් වශයෙන් පහත බැස ඇති බවයි, වාර්තා වන්නේ. ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර සඳහා ජල සපයනුයේ මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ මගින්ය. එමෙන්ම, බස්නාහිර පළාතට පානීය ජලය සැපයීමට කැලණි ගඟට ජලය සපයන්නේ ද මෙම ජලාශවලින්. ජලය ශීඝ්‍රයෙන් බැස යාමත් සමඟ එම ජලාශවලට යටවූ පැරණි නගරවල නටඹුන් ද යළි මතුව තිබේ. මස්කෙළිය පැරණි නගරයේ ජලයෙන් යටව තිබූ බෞද්ධ විහාරයේ සමාධි පිළිමය, දිරාපත්වූ බෝධි රුක්ෂය, ශ්‍රී ෂංමුගනාදන් කොවිල, ගණදෙවි කොවිල මෙන්ම ඉස්ලාම් පල්ලිය හා ගල් ආරුක්කු පාලම ද මෙහි දී දැකගත හැකියි.
මේ අතර වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව ද සැලකිය යුතු අයුරින් පහත බැස ඇති බව වාර්තා වෙයි. ඉකුත් වර්ෂයේ ජුනි මාසයේ දී වාන් දැමීමට ලක්වූ වික්ටෝරියා ජලාශයේ සමස්ත ජල ධාරිතාව මේ වන විට 50% දක්වා පහථ බැස ඇතැයි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනය කරයි.
වික්ටෝරියා ජලාශයේ උපරිම ජල ධාරිතාව ඝන මීටර මිලියන 723ක් වන අතර, අද වන විට එහි සක්‍රීය ජල ධාරිතාව ඝන මීටර මිලියන 349ක්. ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අඩු වූවත්, ඉදිරි මහ කන්නයේ වගාවට දැඩි බලපෑමක් ඇති නොකරනු ඇතැයි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.