බෙදාහදා ගැනීම, ඉවසීම ප්රගුණ කරමින් ජීවිතයට නව ආරම්භයක් ලබා දෙමින් අයහපත පලවා හැර යහපත ලං කරගැනීම සංකේතවත් කරමින් ලොව පුරා වෙසෙන හින්දු ජනයා දීපවාලී දිනය සමරනු ලබයි. නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්රධානතම අංගයකි. හින්දු බැතිමතුන් මේ විශේෂ දිනයේ රාමා දෙවියන්ටත් සීතා දේවියටත් තම ජිවිත දුෂ්කරතා වලට නිසි ලෙස මුහුණ දීමට ආශීර්වාද කර නිවැරදි මග පෙන්වන ලෙස යාතිකා කරනවා. ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් මෙය සලකනවා. Twitter