සතොස හරහා දිනකට අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්දන අමාත්‍යාංශය පවසනවා. රජය සතු පොල් ඉඩම්වල පොල් මෙසේ සතොස හරහා අලෙවි කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනතාවට සතොසින් පොල් මිලදීගත හැකි බවත් වැඩිදුරටත් සඳහන් කළා. Twitter