එම පහරදීමත් සමග නිවසේ සිටි පුද්ගලයා නිවසින් එළියට පැන දිවයෑමට උත්සහදරා ඇති අතර එම අවස්ථාවේ දී නිවස ඉදිරිපිට සිටි තවත් වන අලියෙකු මෙම පුද්ගලයාට පහරදී තිබේ.
පසුව බරපතළ තුවාල ලැබූ එම පුද්ගලා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කිරිමේන් අනතුරුව මොනරාගල දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත. මෙම ප්රදේශයට දිගින් දිගටම වන අලි තර්ජනය උග්රවී ඇති අතර ප්රදේශයේ නිවාස සහ වගා ඉඩම් රැසක්ද වන අලි විසින් විනාශ කර දමා ඇති බව ප්රදේශවාසීන් පවසයි.
මෙම අලිගැටලුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.