අමාත්‍යවරයා කියා සිටින්නේ සිය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ලබන පාඩුව අවම කර ගැනිමට හැකි වුවහොත් රටේ ආර්ථික ගැටළුවට විශාල ශක්තියන් වනු ඇති බවයි. විදුලිබල කේෂ්ත්‍රය, ඛනිජ තෙල් කේෂ්ත්‍රය හා දුම්රිය මෙන්ම ලංගමය නිසි ලෙස ගොඩ නඟා ගැනීම තුළ මෙය සාර්ථක කළ හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ද මේ වසර තුළ මිලියන 8 කට වැඩි පාඩුවක් සිදු වන ඇතැයි ගණන් බලා ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ජනතාවගේ කරපිට මෙම බර පටවන්නේ නොමැතිව මෙය සිදුකරන ආකාරය ගැන මේ වන විට සැලසුම් කිරීමේ අවශ්‍යතාවය මතුව ඇතැයි ද කියා සිටියේය.