"හෙට (04) සිට කිසිදු විදුලි කප්පාදුවක් නැහැ", විදුලිබල ඇමති කියයි...

මාර් 03, 2022

    හෙට (04) සිට කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

    බලාගාරවලට අවශ්‍ය සියලු ඉන්ධන මේ වන විට ලැබී ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ. පසුගිය දින කිහිපයේ රටේ පැවැති බලශක්ති අර්බුදය හේතුවෙන් කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සෑම ප්‍රදේශයකම විදුලි කප්පාදුවක් සිදුකෙරුණා. අද දිනයේද පැය හත හමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුකරණ බවයි, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

    පසුගියදා පැවති අමත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් ලබාදී තිබුණේ, හෙට වන විට කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට සැලසුම් සකස් කරන ලෙසයි. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල්වල ඉන්ධන නොමැති වීමෙන් ජනතාව පීඩාවට පත්වුණා. බොහෝ ස්ථානවල දිගු පෝලිම් ද දක්නට ලැබෙනවා. හෙට වන විට ඉන්ධන අර්බුදයට විසඳුම් ලැබෙන බවයි, අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 මාර්තු 2022 18:26

    Latest News