අධික වේගයෙන් ආ වෑන් රථය ප්‍රපාතයට: රියදුරු අතුරුදහන්

ජන 03, 2020

    කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිබේ.

    අද (03) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදිය. අධික වේගයෙන් ධාවනය වි ඇති වැන් රථය දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ලංගම බස් රථයකට ඉඩ දිමට යාමේදි එය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවූ බව අප වාර්තාකරු කියා සිටී. අනතුරෙන් පසු වැන් රථයේ රියදුරු අතුරුදහන් වි ඇති බවත්, එය සිදුවන අවස්ථාවේ රියදුරු පමණක් එහි සිට ඇති බව පරීක්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසයි. වැන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

    Last modified on සිකුරාදා, 03 ජනවාරි 2020 19:03

    Latest News