අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දී ඇත්තේ, මෝටර් ප්‍රවාහන පනත යටතේ සහ 1980 අංක 7 දරණ ජාතික පරිසර පනතේ විධිවිධානවලට අනුව මගී ප්‍රවාහන බස් රථවල නලා නාද කිරීම හා ඒවා නියාමනය පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. නලාවලින් නිකුත් වන අවසර දී ඇති ශබ්ද මට්ටම හා වාහන නලා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරේ. එහි ඉදිරිපස සිට විවෘත අවකාශයේ මීටර 2ක් ඇතුළත ශබ්ද පීඩන මට්ටම ඩෙසිබල් 105ක් විය යුතුයි. වාහනය නිශ්චලව ඇතිවිට හා ක්‍රියාත්මක කර ඇති විට වාහනයේ ඉදිරිපස සිට විවෘත අවකාශයේ මීටර 7ක් තුළ තිබිය යුත්තේ ඩෙසිබල් 93ක්. එහෙත්, බොහෝ රියදුරන් මෙම නියෝගය නොසලකා ක්‍රියා කරන බව, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. එය පාලනය කිරීමට රියදුරන් ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතු බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.