ගිරිතලේ ජලාශයේ වාන් දොරටු ක්‍රියාත්මකයි

ජන 05, 2020

    ගිරිතලේ වැව වාන් දැමීම ආරම්භ වී තිබේ. ඉහළ ජල පෝෂක ප්‍රෙද්ශවලින් ඇලහැර අමුණට ලැබෙන ජලය යෝධ ඇලෙහි දකුණු ඇල මාර්ගයෙන් ගිරිතලේ වැවට ලැබීම ඊට හේතුවයි.

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන වැව් අතරින් එකක් ලෙස ගිරිතලේ වැව හැඳින්විය හැකිය. මෙය මෙරට ගැඹුරුම වැව ලෙසද හැඳින්වව්. අක්කර අඩි 21,450 කින් මෙය පිරීයාමත් සමග පියානෝ වාන් දොරටුවලින් වාන් දැමීම ආරම්භ වී තිබේ.

    ගිරිතලේ වැව නිර්මාණය කර ඇත්තේ, වැවෙන් පිටවන ජලය මින්නේරිය තිඹිරි ඔයට මුදා හැරෙන අයුරින් සහ ඉන් පිටතට එන ජලය මින්නේරිය හතමුණ ඔයට මුදා හැරෙන අන්දමටය.

    ඔය පරිහරණය කරන ජනතාව අවධානයෙන් පසුවියයුතු බව වාරිමාර්ග නිලධාරීන් අවධාරණය කරනවා.

    Latest News