හපුතලේ ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා නිලධාරීන් 02කගේ අවසන් කටයුතු කෙරේ

ජන 05, 2020

    හපුතලේ සිදුවූ ගුවන් යානා අනතුරින් මියගිය ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරිණ.

    පරීක්‍ෂණවලින් අනතුරුව එම නිලධාරීන්ගේ දේහ ඊයේ රාත්‍රී ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන එනු ලැබීය.

    නියමු බලගන නායක බුද්ධි වී බැද්දගේ මහතාගේ අවසන් කටයුතු මාලබේ තලාහේන පොදු සුසාන භූමියේදී සහ ගුවන් නියමු සහයක දුෂාන්ත ලංකාපුර කුලතුංග මහතාගේ අවසන් කටයුතු වේගිරිය පොදු සුසානභූමියේදී සිදු කෙරිණ.

    නායක ගුවන් භට නුවන් ලහිරු දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ අවමංගල්‍යය පවුලේ සුසානභූමියේදී හෙට සිදු කෙරේ.

    ගුවන් සැරයන් ඩී ඩබ්ලිව් ආර් වසන්ත කුමාර මහතාගේ දේහය ඊයේ රාත්‍රී ඔහුගේ නිවසට ගෙන එනු ලැබීය.

    Latest News