යටිතල පහසුකම් නොමැතිව නව පලාත් පාලන ආයතන පිහිටුවිමෙන් ගැටළු රැසක්

ජන 11, 2020

    අලුතින් පලාත් පාලන ආයතන පිහිටුවිමේදි අවශ්‍ය යටිතල පහසුකම් සපුරා නොදිමෙන් ගැටළු රැසක් මතුවි ඇති මධ්‍යම පලාත් ආණ්ඩුකාර අධි නිතිඥය ලලිත් යු. ගමගේ මහතා පැවසිය.

    මෙම තත්වය අනුව පලාත් පාලන ආයතන වලට නිසි ලෙස සේවාවන් සිදු කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව ඔහු අවධාරනය කළේය.

    මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා මේ බව කියා සිටියේ හැටන් දික්ඔය නගර සභාව, කොටගල, මස්කෙලිය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභා අඩුපාඩු සොයා බැලිමට අද (11) එම නගර සභා සහ ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් සහ මන්ත්‍රිවරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දිය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට ක්‍රියාත්මක කරන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකුලව පලාත් පාලන ආයතන වල අඩුපාඩුකම් සපුරාලිමට කටයුතු කරන බව ඔහු තවදුරටත් අවධාරනය කළේය.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 20:22

    Latest News